Home Coronavirus 2020 ප්‍රදේශ කිහිපයක හුදකලා තත්වය හෙට ඉවතට

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්වය හෙට ඉවතට

431

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය, ජාඇළ සහ කඩවත පොලිස් බල ප්‍රදේශවල හුදකලා කිරීම් හෙට අලුයම පහට අවසන් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

ඔහු කියා පවසන්නේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් – වරාය ප්‍රදේශය, ආදුරුප්පු වීථිය, වේල්ල වීථිය, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල හුදකලාකිරීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම බොරැල්ල, පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසමද තවදුරටත් හුදකලා කර ඇති බවයි යුදහමුදාපතිවරයා පවසන්නේ.

ඊට අමතරව මීගමුව, වත්තල, පෑලියගොඩ, කැළණිය සහ රාගමද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා.

එමෙන්ම අටළුගම පොලිස් බල ප්‍රදේශයේ බෝගහවත්ත, බමුණුමුල්ල, හිරිමන්තුඩුව, හෝරාවල, අටළුගම බටහිර සහ ගලහ හන්දිය යන ග්‍රාමනිලධාරී වසම් හුදකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here