Home Hit ළමයි පාසල් එවන්න බයවෙන්න එපා

ළමයි පාසල් එවන්න බයවෙන්න එපා

754

පාසල් ආරම්භ කිරීමේදී සිදුවන්නේ, 23 වනදා එක්වරම පාසල් විවෘත වීමක් නොව කලක් තිස්සේ මනා අවබෝදයකින් යුක්තව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව සෞඛ්‍ය අංශ නිර්ණායක මත සිදුවන්නක් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (22) රූපවාහිනී වැඩසටහනක් වෙත සිය අදහස් දක්වමින්.

බොහෝ කාලයක් තිස්සේ පාසල් විවෘත කිරීම සඳහා කටයුතු සූදානම් කෙරුණු බවත් පාසල් සඳහා සිසුන් එවීම සඳහා දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවද ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා.

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර 6 ශ්‍රේණියේ සිට 13 දක්වා සිසුන් සඳහා හෙට සිට පාසල් ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here