Home Hit ජනවාරියේ කැබිනට් මණ්ඩලයේ වෙනසක් – සරත් වීරසේකරට නීතිය හා සාමය?

ජනවාරියේ කැබිනට් මණ්ඩලයේ වෙනසක් – සරත් වීරසේකරට නීතිය හා සාමය?

1254
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන වසරේ ජනවාරි මාසයේදී කැබිනට් මණ්ඩල ප්‍රතිසංස්කරණයක් සිදුකරන බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

“20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඔහුට ඕනෑම අමාත්‍යංශයක් රඳවා ගැනීමට ඉඩ සලසයි. ඔහු අමාත්‍යාංශ දෙකක් රඳවා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. තාක්‍ෂණය භාර අමාත්‍යවරයා වශයෙන් තොරතුරු තාක්‍ෂණ සංවර්ධනයට අදාළ සියලු කරුණු ඔහුගේ විෂය පථයට අයත් වනු ඇත”යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය දේශපාලන තීරුවේ සඳහන් කර තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට උසස් කරනු ඇත.

“ලබන වසරේ ජනවාරි මාසය වන විට බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. මෙය ඔහුට අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වීමට මග පාදනු ඇත. මේ සතියේ ඔහුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගේම බලපෑම් එල්ල වී තිබේ.” යැයි වැඩිදුරටත් එම පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here