Home Hit අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

127
0

2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

එයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52ක්.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත වුණා.

2021 සඳහා වන අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එසේම, අයවැය කාරක සභා අවස්ථාව ලබන සඳුදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here