Home Hit ජනපති ගෝඨාභය පොලිස්පතිගේ ‘වැඩ බලන’ කෑල්ල ගලවයි

ජනපති ගෝඨාභය පොලිස්පතිගේ ‘වැඩ බලන’ කෑල්ල ගලවයි

915
0

වසරකුත් මාස හතක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට නිර්දේශ කර තිබේ.

ඒ ගැන තීන්දුවක් ගැනීමට ලබන 23 සඳුදා සවස පාර්ලිමේන්තු සභාව කැඳවා ඇති බව මවුරට වෙබ් අඩවිය වාර්තා කරනවා.

1986 සිට වසර 33ක කාලයක් පොලිසියේ සේවය කළ සී.ඩී. වික්‍රමරත්න මහතා වසර 9ක කාලයක් ජාතික බුද්ධි අංශයේ සේවය කළේය.

අනතුරුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස කටයුතු කර ඇති හෙතෙම 2006 වසරේ යාපනයේ මුහමාලේ සටන ජයග්‍රහණය කරන ලද අවස්ථාවේ යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කරමින් සිටියේය.

ඔහු මෙයට පෙර වාර 13ක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කර තිබේ.

2019 අප්‍රේල් මස 26දා සිට මේ දක්වා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ ඔහු පසුගිය කාලය පුරාම පරිපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද ක්‍රියා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here