Home Hit ලංකා ප්‍රීමියර් ලීග් තේමා ගීතය එලිදැක්වේ

ලංකා ප්‍රීමියර් ලීග් තේමා ගීතය එලිදැක්වේ

82
0

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) සමාරම්භක විස්සයි විස්ස තරඟාවලියේ තේමා ගීතය ඊයේ එලිදක්වනු ලැබුවා.

LPL තරඟාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

ඒ සඳහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම නම ගිය විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්ව සිටිනවා.

මේ අතර, LPL තරඟාවලියේ විකාශන අයිතිය සුප්‍රකට සෝනි, ස්කයි ස්පෝට්ස් සහ පාකිස්තාන පී-ටීවි ආයතන මගින් මිලදී ගෙන තිබෙනවා.

එමඟින් තරඟාවලිය දකුණු ආසියාතික කලාපයේ පමණක් නොව බ්‍රිතාන්‍යයේද විකාශය කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here