Home Coronavirus 2020 කොරෝනා මඩින්න බන්ධනාගාරයට දේශීය වෛද්‍ය ක‍්‍රම

කොරෝනා මඩින්න බන්ධනාගාරයට දේශීය වෛද්‍ය ක‍්‍රම

125
0

බන්ධනාගාර ආශී‍්‍රතව ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා දේශීය වෛද්‍ය ක‍්‍රම යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බන්ධනාගාර ආශි‍්‍රතව වගා කිරීමට ද කටයුතු කරන බවයි, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පැවසූ බව ‘නෙත් නිව්ස්’ වාර්තා කරනවා

මේ අතර බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පැවසුවා. එලෙස හඳුනා ගැනුණු රැඳවියන් 11 දෙනා කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානය වෙත මාරුකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here