Home Coronavirus 2020 IDH රෝහලෙන් පැන්න කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් – තොරතුරු දෙන්න දුරකථන අංක...

IDH රෝහලෙන් පැන්න කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් – තොරතුරු දෙන්න දුරකථන අංක කිහිපයක්

102
0

කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දරුවා ද සමඟ පසුගියදා පලාගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරනවා.

අදාළ කාන්තාවගේ ඡායාරූපයක් ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 119 හෝ 0112 43 33 33 හදිසි ඇමතුම් අංශයට මෙන්ම, පොලිස් මුලස්ථානයේ 011 242 11 11 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

පළාගිය ආදාල කාන්තාව සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.

25 හැවිරිදි මෙම කාන්තාව පෙරේදා රාත්‍රි 9 ට පමණ අවුරුදු දෙකහමාරක් වයසැති සිය දරුවාද රැගෙන අයි.ඩී.එච්. රෝහලෙන් පළාගොස් තිබුණා.

අනතුරුව එම දරුවා පමණක් ඇහැලියගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පොලීසිය ඊයේ (20) සොයා ගත්තේ එම කාන්තාවගේ ඇහැලියගොඩ – යාය පාරේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීයි.

පළාගිය කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ තැනැත්තියක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here