Home Hit ආචාර්ය රංග කලංසූරිය ලොව ඉහළම ‘මාධ්‍ය නිදහස සදහා වන සම්මානයකට’ නිර්දේශ වෙයි

ආචාර්ය රංග කලංසූරිය ලොව ඉහළම ‘මාධ්‍ය නිදහස සදහා වන සම්මානයකට’ නිර්දේශ වෙයි

135
0

කැනඩාව සහ එක්සත් රාජධානියේ ප්‍රථම මාධ්‍ය නිදහස සදහා වන සම්මානයේ ‘Canada and United Kingdom announce recipient of first Media Freedom Award) ලැයිස්තු ගත කළ හොදම පස්දෙනා අතරට ආචාර්ය රංග කලංසූරිය මහතාගේ නම ද එක්ව තිබූ බව බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (20) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වනවා.

ආචාර්ය රංග කලංසූරිය යනු ජනමාධ්‍ය වේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ පුරෝගාමියෙකි. ඔහු දැනට ශ්‍රී ලංකාව, මියන්මාරය, පාකිස්ථානය, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල ප්‍රතිපත්ති උපදේශනය, පර්යේෂණ සහ ධාරිතා වර්ධනය යනාදිය අධීක්ෂණය කරන ‘ ඉන්ටර්නැෂනල් මීඩියා සපෝටර් International Media Support (IMS) ආයතනයේ ආසියානු කලාපීය උපදේශක Asia Regional
Advisor ලෙස සේවය කරයි.

මෙම සම්මානය සදහා ගෝලීය වශයෙන් නාම යෝජනා 60කට අධික සංඛ්‍යාවක් ලැබුණ බවත් එහි ජයග්‍රාහකයා ලෙස පසුගිය 16 වැනි දා බෙලරුසියානු ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය The Belarusian Association of Journalists, නම් කළ බවත් අදාළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here