Home Hit ICC දූෂණ චෝදනා 03 කට නුවන් සොයිසා වරදකරු වෙයි

ICC දූෂණ චෝදනා 03 කට නුවන් සොයිසා වරදකරු වෙයි

380

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකුද වන නුවන් සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන චෝදනා 03 කට වරදකරුවී තිබෙනවා.

2018 වසර් නොවැම්බර් මාසයේදී ඔහුට එරෙහිව චෝදනා ගොණු කෙරුණු අතර ස්වාධීන විමර්ශන මණ්ඩලයක් විසින් සිදුකල පරීක්ෂණයට අනුව ඔහු වරදකරු බවට පත්වී තිබෙනවා.

නුවන් සොයිසාට තවදුරටත් තරග තහනමක් ක්‍රියාත්මක වන අතර පනවන දඩුවම් කවරේද යන්න ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බළධාරීන් දැනුවත් නොකිරීම ඇතුලු චෝදනා කිහිපයක් නුවන් සොයිසාට එල්ලවී තිබෙනවා.

තමන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස සොයිසා ඉල්ලා සිටි අතර ඔහුට එල්ල වූ සියලු චෝදනාවලට සොයිසා වැරදිකරු වී තිබේ

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30 කට ක්‍රීඩා කර ඇති නුවන් සොයිසා ඒවායේදී කඩුලු 64 ක් දවාගෙන තිබේ. එක්දින අන්තර්ජාතික තරග 95 කදී සොයිසා විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 108 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here