Home Hit තරුණ ව්‍යවසායකයින් උදෙසා Q-shop දහසක් ව්‍යාපෘතිය ඇරඹේ

තරුණ ව්‍යවසායකයින් උදෙසා Q-shop දහසක් ව්‍යාපෘතිය ඇරඹේ

364

තරුණ ව්‍යවසායකයින් සඳහා වෙ‍ෙළඳපොළ අවස්ථා නිර්මාණය කෙරෙන Q-shop ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථා පරිශ්‍රයේ දී ඊයේ (19) පැවැත්විණි.

එහි දී ප්‍රථම Q-shop වෙළඳසැල අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කළ අතර මේ ඔස්සේ ගුණාත්මකභාවයෙන් ඉහළ රාජ්‍ය අංශයේ හා දේශීය නිෂ්පාදන සෘජුව ම පාරිභෝගිකයා වෙත නිකුත් කිරීම ඔස්සේ තරුණ ව්‍යවසාකයින් සඳහා වෙළඳපොළ අවස්ථා නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ රට පුරා Q-shop දහසක්ක් (1000) ආරම්භ කෙරෙන අතර, ඉන් පසුව 2024 වර්ෂය වන විට දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි Q-shop 14000ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිදි ජනතාවට අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ අලෙවි කිරීම හා තරගකාරී තරුණ ව්‍යවසායකයින් බිහිකිරීමට මැදිහත්වීම මෙහි ප්‍රධාන අරමුණු වේ. ක්‍රීඩා අමාත්‍යංශයේ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතියට තරුණ ව්‍යවසායකයින් සොයා දීම සිදු කෙරේ.

අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනයට සමඟාමීව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත “ඔබයි දැයේ විරුවා” නැමැති ගීතය ඇතුළත් සීඩී තැටිය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද මෙහි දී සිදු විය.

මෙම අවස්ථාව සඳහා ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමි හා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ලසන්ත අලගියවන්න ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here