Home Business වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජයේ බලාපොරොත්තුවක් නෑ – මුදල් අමාත්‍යාංශ ලේකම්

වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජයේ බලාපොරොත්තුවක් නෑ – මුදල් අමාත්‍යාංශ ලේකම්

209
0

වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය කිසිසේත් බලාපොරොත්තු නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල පැවසීය. ඒ වෙනුවට රට තුළ වාහන එකලස් කළ හැකි නම් ඕනෑම සහයෝගයක් ලබාදෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

“වාහන පිටරටින් ගේන්න අවසරදීම ගැන දැනට තීරණයක් අරන් නෑ. වාහනයක් ද, මුළු රටක්ද කියලා තමයි අපි බලන්නේ. අපිට මේ මාස දහයක් විතරම විනිමය අනුපාතය රුපියල් එකසිය අසූ පහ මට්ටමේ තියාගන්න පුළුවන් වුණා. වාහන ගේන්න ඉඩ දුන්නා කියලා කියන්නේ මේක යනවා. මේ වාහන රටේ එකලස් කරනවා නම් අපි ඕනෑම සහයෝගයක් දෙනවා.” ලෙස පැවසු බව අරුණ අඩවිය වාර්තා කරනවා.

තවදුරටත් දක්වමින් මෝටර් බයිසිකලයක් හරි එකලස් කරනවා නම් ඒක මේ රටේ ආර්ථිකයට අගයක් එකතු කරනවා. ආනයනය නවත්වනවාම කියලා නෙමෙයි මම මේ කියන්නේ. අපි එහෙම කරන්නෙත් නෑ. සමහර නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය පිටරටින් ගේන්න වෙනවා. සමහර නිමි භාණ්ඩ අපි ගේන්නේ නෑ. කහ ගේන්නෙත් නෑ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මේ අතර, මෙවර අයවැය යෝජනාවලින් රථ වාහන ආනයනය සම්බන්ධව කිසිදු බලපෑමක් සිදුව නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා පැවසූවේ වාහන අමතර කොටස් සම්බන්ධව අය කළ බද්දක සුලු වෙනස් වීමක් හැරුණු කොට වෙනත් කිසිදු වෙනසක් මෙවර අයවැය හරහා සිදුවී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here