Home Court අභියාචනාධිකරණය නිදහස් කළේ සමස්ත රාජ්‍ය සේවයයි – අනුෂ පැල්පිට

අභියාචනාධිකරණය නිදහස් කළේ සමස්ත රාජ්‍ය සේවයයි – අනුෂ පැල්පිට

548

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහත්වරුන් සිල් රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළා.

ඒ අනුව ඔවුන් දෙදෙනාට සිර දඩුවම් සහ දඩ නියම කරමින් මහාධිකරණය මීට පෙර ලබාදුන් නියෝගය අහෝසි විය.

2015 වසරේ ජනාධිපතිවරණය සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමිනුයි ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුවක් පවරා තිබුණේ.

මෙම නඩුවෙන් තමාව නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් අනූෂ පැල්පිට මහතා සිය ෆේස්බුක් ගිණුමේ අදහස් දක්වා තිබෙනවා. එම සටහන පහළින්.

සිල් රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස් ඔබ සැමට ස්තුතියි

2015 වර්ෂයේ මාර්තු මාසයේදී. රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරු shan වික්‍රමසිංහ මහතා කුප්‍රකට FCID ආයතනයේ සිදුකරන ලද ංඛ්‍යාත පිළිබඳ පැමිණිල්ලක් විභාග කිරීමට මා කැඳවූ අවස්ථාවේදී සිල් රෙදි බෙදා දීම පිළිබඳව ද කරුණු සටහන් කරගන්නා ලදී.

2015 ඔක්තෝබර් මාසයේ දී නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු පවරනු ලැබූ අතර මුලින්ම මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී මැතිනියත් දෙවනුව විනිසුරු නිශ්ශංක කරුණාතිලක මැතිතුමාත් තෙවනුව ගිහාන් කුලතුංග මහතාත් නඩුව විනිශ්චය කරන ලදී.

2017 සැප්තැම්බර් 7 වන දින මම සහ ලලිත් වීරතුංග මහතා වැරදිකරුවන් කරමින් ගිහාන් කුලතුංග විනිශ්චකාර තුමා විසින් තීන්දුවක් දෙනු ලැබූවා. මේ අනුව මම සහ ලලිත් වීරතුංග මහතා වසර තුන බැගින් සිර දඬුවම් නියම කළ අතර දඩ සහ වන්දි ලෙස රුපියල් මිලියන 52 එක් අයෙකුට නියම කළා. නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිර දඬුවම් නියම කරනු ලැබුවා. මෙම දඩ මුදල අධිකරණයක් විසින් රජයේ සේවකයෙකු වෙත පනවන ලද ඉහළම වන්දි මුදල විය හැකිය.

කිසි දිනෙක නොදුටු සිල් රෙද්දක් වෙනුවෙන් මාත් ලලිත් වීරතුංග මහ සිරගත කළ අවස්ථාවේදී බොහෝ සංවේදී පිරිස් තම හෘදයාංගම කණගාටුව ප්‍රකාශ කලත් අභුත චෝදනා නගමින් සතුටුවූ සුළු පිරිසක් ද සිටියා.

මේ සියලු අභූත චෝදනා සිනහමුසුව විඳදරා ගැනීමට මටත් anoma ට සහ පුතු පසන් හට හැකියාව තිබ්බත් මෙයින් වඩාත් පීඩාවට ලක් වුණේ අපේ ආදරණීය දියණියයි.

ගහක් ගලක් සේ සිටී අපේ අම්මා මේ දුක දරා ගැනිමට නොහැකි ව පාකින්සන් රෝගය වැළඳී වසර දෙකක් ඇතුළත මියගියා. නඩු තීන්දුවෙන් මට සාධාරණය ඉෂ්ඨ වුණත් පසුගිය වසර හය තිස්සේ අපට සිදුවූ හානිය කිසිසේත් ්‍රතිපූර්ණය කළ නොහැකි බව මගේ අදහසයි.

මෙම අවස්ථාවේ දී මහා සංඝරත්නය අප වෙනුවෙන් අනුකම්පා කර අපට පිහිට වීම සඳහා ඉදිරිපත්වීම පිළිබඳව අප තුළ ඇත්තේ නමස්කාර පූර්වක ගෞරවයක්.

පසුගිය කාලය පුරාම අප වෙනුවෙන් සියලුම ස්ථානයන්හී හඬ නැගූ මහින්ද රාජපක්ෂ ආදරණිය නායකයානණි ඔබතුමාටත් බෙහෙවින් ස්තුතියි.

2015 සැප්තැම්බර් විසි වන දින මහාධිකරණය විසින් අප ඇප පිට නිදහස් කරනු ලැබුවා.

2018 අපෙල් මස ආරම්භ කළ අභියාචනාධිකරණය නඩු විභාගය අද දින අවසන් වුණ. අභියාචනාධිකරණ විනිසුරුවන් වන කුමුදුනි වික්‍රමසිංහ මැතිනියත් devika අබේරත්න මැතිනියත් සියලු චෝදනාවලින් අප නිදොස් කොට නිදහස් කර තිබුණා.
2015 සිට මේ දක්වා අවස්ථා 150 කට වැඩි ප්‍රමාණයක් අධිකරණයට පැමිණීමට අපට සිදුවුණා. පොලිස් පරීක්ෂණ සඳහා දින හතලිහකට වැඩි ප්‍රමාණයක් සහභාගීවීමට සිදුවුණා
.

මේ සියලු දේශපාලන පලිගැනීම් නිහඬව විඳ දරා ගැනීමට මමත් ලලිත් වීරතුංග මහතාත් කටයුතු කලා. යුක්තිය හා සාධාරණත්වය කෙදිනක හෝ ඉටු වන බව අප තරයේ විශ්වාස කළා.

2015 යහපාලන රජයේ පැමිණීමත් සමග බොහෝ මිතුරන් නෑදෑයන් අපෙන් ඉවත් වුණා. එහෙත් අප සමග සිටි සදාකාලික මිතුරන් ඔවුන්ගේ බැඳීම් තවදුරටත් දැඩි කළා.

2015 වර්ෂයේ ආරම්භයේ සිට නීතිඥ කාංචන රත්වත්තේ මහතා මටත් ලලිත් වීරතුංග මහතාටත් සිදුකළේ නීතිඥවරයෙකුගේ කාර්යය පමණක් නොවේ මිතුරෙකු සහෝදරයෙකු සියලුම කටයුතු වලදී නොපැකිළව සහය දුන්නා. අභියාචනා කරන නඩු විභාගයේ දී ඔහු ඉතා දක්ෂ ලෙස වාචික ඉදිරිපත් කිරීම් මෙන්ම ලිඛිත ඉදිරිපත් කිරීම් සිදුකළා. විනිසුරුතුමියන් වෙත අපේ නිර්දෝෂීභාවය පැහැදිලිව සනාථ වන ලෙස කරුණු ඉදිරිපත් කළා.

ඔබට බොහොම ස්තුතියි කාංචන. ඔබ සමග සිටිමින් පසුගිය කාලය පුරාම ඔබට උදව් කළ janaka ranatunga සොහොයුරාණෙනි ඔබටත් ස්තූතියි. ඔබේ කණ්ඩායමේ තුෂාරා ඇතුළු සියලු දෙනාටමත් ස්තුතියි
මහධිකරණය පැවැති නඩු විභාගයේදී අප වෙනුවෙන් ඉදිරිපත්වූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාටත් ඔහුගේ කණ්ඩායමේ සියලු නීතිඥවරුන්ට අපගේ ස්තුතිය පිරිනමමු.

පසුගිය කාලය පුරාම අප සමග බැඳී සිටී දුක සැප බෙදා ගත් සියලුම මිතුරු මිතුරියන්ට නෑදෑයන්ට විශේෂයෙන් මුහුණුපොතේ මිතුරු මිතුරියන්ට බෙහෙවින්ම ස්තූතියි.

පසුගිය කාලයේදී තිස්සේම මා සමග එකට බැඳී සිටී සියලුම මාධ්‍ය මිතුරන්ටත් ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.
එමෙන්ම පසුගිය මාස 10 ක කාලය තුළ මට අවස්ථාවක් ලබා දුන් වෑගපිටිය මහතා ට විශේෂ ස්තූතිය පුද කරන්න කැමතියි.
අභියාචනාධිකරණය මෙම තීන්දුව මගින් නිදහස් කලේ මාත් ලලිත් වීරතුංග මහතා පමණක් නොවේ නිදහස් කරනු ලැබුවේ සමස්ත රාජ්‍ය සේවය යි අවදි කරනු ලැබුවේ ාජ්‍ය සේවකයන්ගේ තීරණ ගැනීමේ හැකියාවයි ආත්ම ගෞරවය යි රජයේ සේවය අභිමානයයි.

ස්තූතියි ඔබ සැමට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here