Home Hit කෝප් කමිටුව හෙට යළි රැස්වේ

කෝප් කමිටුව හෙට යළි රැස්වේ

360

කෝවිඩ් 19 අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු හෙට සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

ඒ අනුව කොරෝනා සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි ඔහු පවසන්නේ.

හෙට දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය, මහාමාර්ග අමාත්‍යාංශයේ සහ අදාල ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක්.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, මහාමාර්ග අමාත්‍යාංශයේ ගණකාධිකාරී, අදාල ව්‍යාපෘති ඒකකයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් 07 දෙනෙක් පමණක් හෙට පාර්ලිමේන්තුවට කැඳවා ඇති අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව මෙහිදී අධ්‍යනයට ලක් කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here