Home Hit මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් LPL ‘ජැෆ්නා ස්ටාලියන්ස්’ හි සම හිමිකරුවකු...

මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් LPL ‘ජැෆ්නා ස්ටාලියන්ස්’ හි සම හිමිකරුවකු වෙයි

327

සියැටල් හි තාක්‍ෂණ ව්‍යවසායකයෙකු සහ මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ වන රාහුල් සූඩ්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) යාපනයේ ස්ටැලියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ (Jaffna Stallions) හිමිකාරීත්ව කණ්ඩායමට එක්වී තිබේ

මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ රාහුල් සූඩ් සම හිමිකරුවෙකු ලෙස පිළිගැනීමට ලැබීම ගැන අපි සතුටු වන බවත් ඔහු VoodooPC සහ Unikrn හි ව්‍යවසායකත්වය තුළින් ලබාගත් අත්දැකීම් සහ ජාත්‍යන්තර ව්‍යාපාරික දක්ෂතා මඟින් තම වෙළඳ නාමය තවදුරටත් තියුණු කර අපගේ ජාත්‍යන්තර පැවැත්ම වැඩි දියුණු කරනු ඇති බවට යාපනය ස්ටැලියන්ස් හි ප්‍රධාන උපාය මාර්ග නිලධාරී ආනන්දන් ආර්නෝල්ඩ් පැවසීය.

ඉදිරියේදී ලොව පුරා යාපනය ස්ටැලියන්ස් හි සන්නාම සංවර්ධනයට සහ වර්ධනයට සහාය වීම සඳහා සූඩ් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත. ඔහු ගෝලීය ක්‍රීඩා විනෝදාස්වාද සපයන යුනිකර්න් හි සමාරම්භකයා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here