Home Hit “මට ලැබුනේ උසස්වීමක් , කටකතා නවත්තන්න බෑනේ” – වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි

“මට ලැබුනේ උසස්වීමක් , කටකතා නවත්තන්න බෑනේ” – වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි

399

තමන් හට ලැබුණේ උසස්වීමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්දන කටයුතුවලින් ඉවත්ව සිටීමට සිදුවූ හේතුව පිළිබඳව විශේෂ අනාවරණයක් කරමින් පවසා සිටිනවා.

මෙරට කොවිඩ් පළමු රැල්ල ඇති වූ සමයේ ඉතා සාර්ථකව එය පාලනය කිරීමට ඔහු ඇතුළු සමස්ථ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට හැකිව තිබියදීත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව පරිසර අමාත්‍යාංශයට යොමු කිරීම පසුගිය සමයේ සමාජය තුළ ඇතිවූ දැඩි කතාබහ පිළිබඳව රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටින්නේ සමාජ කථිකාවන් ඇති වීම තමන් හට පාලනය කළ නොහැකි බවයි.

“එක තමයි රටේ ප්‍රජාන්ත්‍රවාදී ස්වභාවය. පුවත්පත් තියෙනවා, මාධ්‍ය නාලිකා තියෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා. ඉතින් විවිධ දේ ගැන විවිධ අය කථා කරනවා. අපි කරපු භූමිකාව තුළ ඒ කතා කිරීම වැඩිවෙනවා. කෙටියෙන් පිළිතුරු දුන්නොත්, නව කැබිනට් මණ්ඩලය පත්වීමත් සමග ජනාධිපතිතුමා උසස්වීමක් හැටියට තමයි මේ තනතුර මට ප්‍රධානය කළේ. ඒක තමයි මට කියන්න පුළුවන්. මේ තනතුරට මට අකමැති කියන්න බෑ. මොකද මට දෙන වගකීම මොකක්ද, ඒ වගකීම ඉටුකරන්න මම බැඳී ඉන්නවා. අද ගත්තත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් හැටියට මම ඒ කාර්යයට උර දීලා ඉන්නවා,” යැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here