Home Coronavirus 2020 ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට භාවිතයට සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබුනා

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට භාවිතයට සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබුනා

243

කොවිඩ්19 අසාදනය වී ඇද්දැයි පරීක්ෂා කිරීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට භාවිතයට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ, අද (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“ඊයේ දවස තුළදී ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂණ කට්ටල එහෙම නැත්නම් ඇන්ටිජන් බේස් රැපිඩ් ඩයෝග්නස් ටෙස්ට් යන පරීක්ෂාව සිදු කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවශ්‍ය නිර්දේශ ලබා දුන්නා අනුමැතිය ලබාදුන්නා එය අද සිට හඳුනාගත් කණ්ඩායම් සඳහා මෙය පාවිච්චි කරනවා. ඒවගේම ප්‍රතිඵල විනාඩි 30 ක් වගේ කාලයක් තුළදී අපිට ලබාගන්න පුළුවන්.” යැයි ඒ මහතා පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here