Home Hit ඇමරිකානු ජනපතිගේ ගුවන් සේවයට එක්වන ඩොලර් මිලියන 80ක අළුත්ම යානය

ඇමරිකානු ජනපතිගේ ගුවන් සේවයට එක්වන ඩොලර් මිලියන 80ක අළුත්ම යානය

595
0

මැරීන් හෙලිකොප්ටර් ස්කොඩ්‍රන් වන් (එච්එම්එක්ස් -1 යනු එක්සත් ජනපද මැරීන් බළකායේ හෙලිකොප්ටර් බළඝණයකි. එය එක්සත් ජනපදයේ ජනාධිපති සහ උප ජනපති, රාජ්‍ය නායකයින්, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනෙකුත් ප්‍රභූවරුන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගැනේ.

එම බල ඝණයට අළුතින් එක්වූ යානය වන්නේ MV-22B යානයයි. හදිසි අවස්ථාවන්හීදී ජනාධිපති සහ උප ජනපති රැගෙන යාම මෙහි මූළික කාර්‍ය වේ.

සාමාන්‍යයෙන් ජනපතිගේ ගුවන් සංචාරයන් සඳහා යොදාගන්නා හෙලිකොප්ටරය VH-3Dවර්ගයේ වුවද විවිධ අවස්ථාවන්හීදී මෙම MV-22B යානය යොදා ගැනීමට හැකිවේ.

ආරක්ෂක හේතූන් මත මෙම යානයත් සමඟ තවත් පරිවාර යාන රැසක් ගමන් කරයි.

මෙට්‍රික් ටොන් 11ක පමණ බරක් දරාගෙන වුවද මෙම යානයට සිරස්ව ගුවන්ගත වීමට හැකියාවක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here