Home Coronavirus 2020 පහසුකම් නොමැති වීම නිසා කොළඹ නගරයේ අහඹු පරීක්ෂණ නෑ

පහසුකම් නොමැති වීම නිසා කොළඹ නගරයේ අහඹු පරීක්ෂණ නෑ

567

පහසුකම් නොමැති වීම නිසා කොළඹ මහනගර සභා සීමාවේ Covid-19 රෝගීන් හඹායෑම වෙනුවෙන් අහඹු පරීක්ෂණ සිදු නොකරන බව එම සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි පවසයි.

දැනට කොළඹ මහ නගර සභා සීමාවේ දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය 1000ක් බවත්, ඒවා ආසාදිත පුද්ගලයින්ගේ පළමු සහ දෙවන පෙළ ආශ්‍රිතයින් සඳහා සිදුකරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළ බව ‘අනිද්දා’ පුවත්පත වාර්තා කරනවා

එම සීමාව ඉක්මවා පරීක්ෂණ කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පවසන අතර මේ තත්ත්වය තුළ කොළඹ නගරයේ සැරිසරන පුද්ගලයින් තමන්ට හමුවන සෑම පුද්ගලයෙකුම කොරෝනා ආසාදිතයෙක් ලෙස උපකල්පනය කළ යුතු බව ඔහුගේ අදහසයි.

කොළඹ නගරයේ හඳුනා නොගත් ආසාදිතයින් 30,000ක් පමණ සිටිය හැකි බව නොවැම්බර් 10 වනදා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here