Home Hit බෝරාවරුන්ගේ ආධ්‍යාත්මික නායකයා ඇතුළු 36ක පිරිසක් මෙරටට

බෝරාවරුන්ගේ ආධ්‍යාත්මික නායකයා ඇතුළු 36ක පිරිසක් මෙරටට

854

බෝරාවරුන්ගේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයින් 36 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

සඳුදා (16) දින විශේෂ ගුවන් යානයකින් ඔවුන් මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් ඊට පැය 72කට පෙර පීසීආර් පරීක්ෂණයකට ලක්වූ බවයි පැවසෙන්නේ.

පැමිණීමෙන් අනතුරුව ඔවුන්ව නිරෝධායනය සඳහා බණ්ඩාරවෙල පිහිටි හෝටලයකට යොමු කර තිබෙනවා.

තමන්ගේ ගමනට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ආරක්ෂක අංශ වලට, විදේශ අමාත්‍යංශයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට ස්තූතිවන්ත වන බවයි බෝරාවරුන් පවසන්නේ.

(Newswire)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here