Home Hit අමු මාළු කෑවොත් ලෙඩ වෙයි – පාදෙණිය කියයි

අමු මාළු කෑවොත් ලෙඩ වෙයි – පාදෙණිය කියයි

590

මාළු අමුවෙන් අනුභව කිරීමෙන් රෝග ගණනාවක් වැළඳීමට ඉඩ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙනවා.

උදෑසන රූපවාහිනී වැඩසටහනකට සිය අදහස් දක්වමින් එම මහතා පවසන්නේ මත්ස්‍යයින්ගේ සමේ සහ අභ්‍යන්තර කොටස් වල මදක් විශාල ප්‍රමාණයේ පරපෝෂීන් වාසය කරන අතර අමු මාළු අනුභවයෙන් එම ජීවීන් ශරීරගත විය හැකි බවයි. එම පණුවන් මිනිස් ආහාර මාර්ගයට සම්බන්ධ වී වැඩෙමින් මිනිසාට රෝග ඇති කළ හැකි බවයි එම මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම පටි පණුවන්ද, බැක්ටීරියා වර්ගද, පිළිකාකාරක ද්‍රව්‍යද ශරීරගත වීමට ඉඩ ඇතැයි ඒ මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here