Home Coronavirus 2020 මුඛාවරණ වලට සහතික මිලක් සඳහා ආනයනකරුවන් සහ නිෂ්පාදකයින්ගේ එකඟතාවය

මුඛාවරණ වලට සහතික මිලක් සඳහා ආනයනකරුවන් සහ නිෂ්පාදකයින්ගේ එකඟතාවය

514

ශල්‍ය මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 15 කටත්, කේ.එන්. 95 මුහුණු ආවරණයක උපරිම මිල රුපියල් 100 කටත් අලෙවි කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් එකඟවූ බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද(18) පැවති අතර එහිදී නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන්ව තිබෙනවා.

එමෙන්ම මුඛාවරණ ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here