Home Hit ‘මෙවර අයවැය ජනතාවාදී එකක් – සජිත්ට වෙන්නේ අන්නාසි කොටුවේ සරම උස්සන් ගිය...

‘මෙවර අයවැය ජනතාවාදී එකක් – සජිත්ට වෙන්නේ අන්නාසි කොටුවේ සරම උස්සන් ගිය මිනිහට වුන දේ’

190

මෙවර අයවැය ලේඛනය ජනතාවාදී එකක් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

ජනාධිපති ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත්කරමින් රටටත් ජනතාවටත් බොහොම සුභවාදී ජිවිතයක් නිර්මාණය වන අයවැයක් වනු බවට සැකයක් නොමැති බව ඒ මහතා පැවසීය.

මේ වන විට රජයක් ලෙස මුහුණ දීමට විවිධ ගැටළු සහ අභියෝග කිහිපයක් ඇති බවටත් ඒවා මැඩ ගෙන ඉදිරියට යන අයවැයක් ලෙස මෙම අයවැය ශක්තිමත් ලෙස ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසීය.

විපක්ෂයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ද මෙම අයවැය අභියෝගයක් වන බවටත් 20 වැනි සංශෝධනයේදී මෙන්ම මෙවර අයවැයේදී ද විපක්ෂයේ විශාල පිරිසක් ආණ්ඩුව හා එක වීමට සුදානම් බව ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here