Home Hit 2021 අයවැය අද පාර්ලිමේන්තුවට

2021 අයවැය අද පාර්ලිමේන්තුවට

344

ලබන වසර සඳහා වන අයවැය යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කතාව පැවැත්වීම අද පස්වරු 1.40ට සිදුකිරීමට නියමිතයි.

අයවැය දෙවන වර කියැවීමේ විවාදය ලබන හෙට සිට 21 වනදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.

අයවැය තෙවන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

පසුගියදා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා ආණ්ඩුවේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2678.04ක්.

ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් 02 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා ආණ්ඩුව ඇස්තමේන්තු ගතකර ඇති වියදම රුපියල් 2678 බිලියන හතළිස් මිලියනයක්.

වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයටයි.

ඒ, රුපියල් බිලියන 355.16ක්.

මහා මාර්ග අමාත්‍යාංශය සඳහා බිලියන 330.19ක් වෙන්කර ඇති අතර ඉන් රුපියල් බිලියන 329ක්ම මූලධන වියදම් වීම විශේෂත්වයක්.

රාජ්‍ය සේවා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 271.71ක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 159.48ක්ද මුදල් අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 157.6ක් ද මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 126.54ක්.

ජනාධිපති වැය ශිර්ෂය රුපියල් බිලියන 9.34ක් වනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.05ක් වෙන්කර තිබෙනවා.

පාර්ලිමේන්තු වැය ශීර්ෂය රුපියල් බිලියන 3.25ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here