Home Hit ලන්ඩනයට යවන්න නැවක් නැතිව කටුනායක හිරවුන කුණු කන්ටේනර්

ලන්ඩනයට යවන්න නැවක් නැතිව කටුනායක හිරවුන කුණු කන්ටේනර්

237

වසර දෙකහමාරකට පෙර මෙරටට ගෙන්වා දැනට කටුනායක නිදහස් වෙළෙද කලාපයේ අංගනයක රඳවා ඇති පරිසරයට බලවත් හානිකර ලන්ඩන් සිට ගෙන ආ කුණු කන්ටේනර් 125ක තොගය ආපසු පැටවීමට නැවක් සොයා ගැනීම අපහසු වීම හේතුවෙන් එම කුණු තොගය ආපසු යැවීම අතරමග නැවතී ඇත.

කොරෝනා අවදානම පැතිරෙන අතරතුර මෙම කුණු කන්ටේනර් තොගය හරහාද පරිසරයට සිදුවන හානිය පිළිබඳව සමාජ විද්‍යාඥයින් වගකිව යුතු අංශ වෙත සහ රේගුවට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කර ඇති බව ‘මවුරට’ වෙබ් අඩවිය වාර්තා කරනවා.

රේගු සමාජ සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ බාලසූරිය මහතා සඳහන් කළේ මේ පිළිබඳව නැවත වරක් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවය.

මෙම කුණු කන්ටේනර් තොගය සහ ආපසු පිටත් කර හැරි කුණු කන්ටේනර් තොගය පිටත් කර හැරීම සඳහා අධිකරණය ලබා දුන්කාලය මේ වන විට ඉක්ම ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here