Home Hit රහස් පොලිසිය ඉරාන් වික්‍රමරත්නගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

රහස් පොලිසිය ඉරාන් වික්‍රමරත්නගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

354

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ, ඉකුත් දිනවල මන්තී‍්‍රවරයා සිදුකළ ප‍්‍රකාශ කිහිපයක් පිළිබද තොරතුරු ලබාගැනීම සදහා බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකදුරේ මදුෂ් සහ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ බිරිද සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා අදහස් පළ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න ඊයේ පස්වරු 2ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණු අතර පැය 4 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප‍්‍රකාශ ලබාගෙන තිබුණා.

සහරාන්ගේ බිරිඳ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඉරාන් වික්‍රමරත්න මෙලෙස CIDයට කැඳවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here