Home Coronavirus 2020 ඊයේ Covid-19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ Covid-19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

778

ඊයේ මෙරටින් වාර්තාවු Covid-19 ආසාදිතයින් 387න් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් බව Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එය 231 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක්ද, කලුතරින් 20ක්ද, කුරුණෑගලින් 11ක්ද ලෙස ඊයේ දිනයේදි ආසාදිතයින් වාර්තා වී තිබුණා.

ගාල්ලෙන් ආසාධිතයන් 02ක්ද, රත්නපුර, කෑගල්ල, මොණරාගල, යාපනය හා නුවරඑළිය දිස්ත්‍රික්වලින් එක් ආසාදිතයා බැගින් ඊයේ වාර්තා වූ බවයි Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.

බෝගම්බර බන්ධනාගාරයෙන් 41ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් 01ක්, පොලිසියේ 08 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 05 දෙනෙකුද ඊයේ ආසාදිතයන් අතරට අයත්.

ඊයේ (16) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 17,668 ක් වන අතර ඉන් පුද්ගලයින් 11,805 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (16) දින වනවිට රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,802 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here