Home Hit ලයිසන් නැතිව ගිහින් කෝටි 6ක අලාභයක් කළ SSPගෙ දුවට මොනවා වෙයිද? (PHOTOS)

ලයිසන් නැතිව ගිහින් කෝටි 6ක අලාභයක් කළ SSPගෙ දුවට මොනවා වෙයිද? (PHOTOS)

2719

රියැදුරු බලපත්‍රයක් හෝ නොමැතිව කුලියට ගනු ලැබූ අතිසුඛෝපභෝගී රියක් ධාවනය කොට කුරුදුවත්තේ වාහන අලෙවිසැලකට කඩා වැදී කෝටි 6කට අධික අලාභයක් සිදු කොට ඇත්තේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ දියණියක බව මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මෙම තරුණිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයකට පවා භාජනය කොට ඇති බව දැනගන්නට ඇති බව ‘මවුරට’ වාර්තා කරනවා.

අදාළ අනතුර සිදුවන අවස්ථාවේ රථයේ තවත් පුද්ගලයන් දෙදෙනකුද සිට ඇති අතර ඔවුන් පොලිසිය බලා සිටියදීම රථයේ අංක තහඩු ගලවා ඇති බව වාර්තා වේ.

මීට පෙර පසුගිය වසරේ මාර්තු 9 වැනි දින මෙම තරුණියගේ සොයුරාද නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීම හේතුවෙන් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ ජීවිතය පවා අහිමි වී තිබිණ.

කෙසේවෙතත් මෙම අනතුරු පිළිබදව සිදුකෙරෙන පරීක්ෂණවලට ඔවුන්ගේ පියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකරන බවද පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

This image has an empty alt attribute; its file name is SSP3.jpg

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here