Home Hit ප්‍රති අපනයන තහනම අස්සේ ඉන්දුනීසියාවෙන් ගෙනා රු.කෝටි 35ක කරුංකා රටින් පන්නලා

ප්‍රති අපනයන තහනම අස්සේ ඉන්දුනීසියාවෙන් ගෙනා රු.කෝටි 35ක කරුංකා රටින් පන්නලා

328

ඉන්දුනීසියාවෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 35කට වැඩි කරුංකා තොගයක් වංචනිකව ඉන්දියාවට ප්‍රතිඅපනයනය කර ඇතැයි අනාවරණය වේ. බහාලුම් (කන්ටේනර්) 24ක් මගින් මෙම කරුංකා තොගය ප්‍රති අපනයනය කර ඇත්තේ පසුගිය අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවලදීය.

ශ්‍ර්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක නිදහස් වෙළෙඳ ගිවිසුම උපයෝගී කරගනිමින් මෙම කරුංකා ගෙන්වා ඇතැයි පැවැසේ.

ශ්‍රී ලංකා රේගුව අනාවරණය කරගෙන ඇති ආකාරයට අදාළ කරුංකා තොගයෙන් කන්ටේනර් 3ක පමණක් ශ්‍රී ලංකාවෙන් රැස්කළ කරුංකා තිබී ඇති අතර ඉතිරි කරුංකා කන්ටේනර් 21ම ඉන්දුනීසියාවෙන් මෙරටට ආනයනය කර ඇත. ශ්‍රී ලංකාවේ කරුංකා ප්‍රති අපනයන තහනම් කර ඇති පසුබිමක මෙම නීතිවිරෝධි ප්‍රති අපනයනයේ යෙදී ඇත්තේ මෙරට මේරියම් ඉන්ටර්නැෂනල් (Mariyam International) සහ බස්නායක එක්ස්​පෝට් (Basnayake Exports) යන ආයතන විසිනි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කරුංකා බව හඟවමින් මෙලෙස ඉන්දුනීසියාවෙන් ආනයනය කළ කරුංකා තොග ප්‍රති අපනයනය කර ඇත්තේ ඉන්දියාවේ FerdouSe International Trading Company සහ Star Spices යන ආයතනය වෙතය.

නයන තරංග ගමගේ
‘අරුණ’ පුවත්පත (2020-11-16)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here