Home Hit චීන ආධිපත්‍යයට පිළිතුරක් ලෙසින් ලොව විශාලතම ආර්ථික එකමුතුව බිහිවෙයි

චීන ආධිපත්‍යයට පිළිතුරක් ලෙසින් ලොව විශාලතම ආර්ථික එකමුතුව බිහිවෙයි

971
0

කොරෝනා වසංගත කාලය තුල චීනය විසින් පතුරුවමින් පවතින ආධිපත්‍යට පිළිතුරක් ලෙසින් ආසියා පැසිෆික් කලාපයේ රටවල් 15 ක් එක් වී ලොව විශාලතම ආර්ථික එකමුතුව Regional Comprehensive Economic Partnership (RCEP) ඊයේ පිහිටුවා ගනු ලැබූ බව ‘Daily Mail‘ වාර්තා කරනවා.

කලාපීය පරිපූර්ණ ආර්ථික සහයෝගීතාව ලෙස නම් කෙරුණු එම ආර්ථික එකමුතුව සඳහා අග්නිදිග ආසියාතික කලාපයේ රටවල් මෙන්ම දකුණු කොරියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල්ද ඇතුළත්.

මෙම නව ආර්ථික එකමුතුව ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් මෙන්ම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 29% ක් නියෝජනය කරනු ලබනවා

නව ආර්ථික එකමුතුව ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව ඇතිකරගත් එකඟතාව මෙන්ම යුරෝපා සංගමයට වඩා විශාල වීම විශේෂත්වයක්.

හිටපු ජනාධිපති ඔබාමා විසින් කලාපය තුළ පැතිරෙන චීන ආධිපත්‍යයට පිළිතුරු ලෙසින් 2012 වසරේදී අන්තර් පැසිෆික් සහයෝගීතා ගිවිසුමක් ගොඩ නැගූ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එයින් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගනු ලැබූවා. මෙම නව ආසියා පැසිෆික් කලාපයේ නව ආර්ථික බලමුළුව ගොඩ නගනු ලැබුවේ ඉන් අනතුරුවයි

Vietnam's Prime Minister Nguyen Xuan Phuc and Minister of Industry and Trade Tran Tuan Anh (R) attend the signing ceremony for the Regional Comprehensive Economic Partnership (RCEP) trade pact at the ASEAN summit that is being held online in Hanoi on Saturday
වියට්නාමය
Australia's Prime Minister Scott Morrison (C) watching as Australia's Minister for Trade, Tourism and Investment Simon Birmingham signs the agreement
ඕස්ට්‍රේලියාව
New Zealand's Prime Minister Jacinda Ardern (C) looks on as New Zealand's Trade Minister Damien O'Connor (R) signs the deal
නව සීලන්තය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here