Home Coronavirus 2020 ඊයේ වාර්තා වූ ආසාදිතයින් 704න්, 541ක්ම කොළඹින් – තවත් ප්‍රදේශ වලිනුත් ආසාදිතයින්...

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 704න්, 541ක්ම කොළඹින් – තවත් ප්‍රදේශ වලිනුත් ආසාදිතයින් වාර්තා වේ

564

මෙරටින් ඊයේ දිනයේදී වාර්තාවු Covid-19 ආසාදිතයන් 704න් 541 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 39ක්ද, ගාල්ලෙන් ආසාධිතයන් 08 ක්ද, මඩකලපුවෙන් 07 ක්ද ලෙස ඊයේ දිනයේදි ආසාධිතයන් වාර්තා වී තිබුණා.

කුරුණෑගලින් 05 ක්, රත්නපුරයෙන් 04ක් හා කලුතර, කෑගල්ල, මහනුවර හා බදුල්ල දිස්ත්‍රික්වලින් ආසාධිතයන් 03 දෙනා බැගින් ඊයේ දිනයේදී සටහන් වනවා.

පුත්තලමෙන් 02ක්, මාතලේ හා පොළොන්නරුව දිස්ත්‍රික්වලින් එක් ආසාදිතයා බැගින්ද ඊයේ ආසාධිතයන් අතරට අයත්.

පොලිස් නිළධාරීන් 54 දෙනෙකු, බෝගම්බර බන්ධනාගාරයේ 12 දෙනෙකු, කුරුවිට බන්ධනාගාරයේ එක් අයෙකු, විදේශයන්ගෙන් පැමිණි 03 දෙනෙකු හා වෙනත් 14 දෙනෙකුද ඊයේ දිනය තුළ කොරෝනා රෝගීන් ලෙසයි තහවුරු කර ගැණුනේ.

මේ අතර පසුගිය ඔක්තා්බර් 04 වනදා සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවූ කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 5668 ක් ලෙසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ 4956 දෙනෙකු හා කලුතර දිස්ත්‍රික්කයේ 598 දෙනෙකුද මෙම කාලසීමාවේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ‍්‍රිතයින් තිස් දහසක් පමණ මේ වන විට ස්වයං නිරෝධානයනට යොමුකර සිටින බවයි Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. මේ වනවිට ත‍්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුළ පුද්ගලයින් 3,168 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනයේදී මෙරටදී පී සී ආර් පරීක්ෂණ 11,130 ක් සිදු කර ඇති බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටදී සිදු කර ඇති සමස්ත පී සී ආර් පරික්ෂණ සංඛ්‍යාව 6,72,100ක්. 

මේ අතර කොළඹ මහ නගර සභා සීමාව තුළ හුදෙකලා කර ඇති ප‍්‍රදේශ ආශි‍්‍රතව ජංගම වෛද්‍ය සායන අද සිට ආරම්භ වුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here