Home Hit සීමාසහිතව ලාංකිකයන් ගෙන්වීම ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය D. V චානක

සීමාසහිතව ලාංකිකයන් ගෙන්වීම ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය D. V චානක

229

සීමාසහිතව ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ වැඩසටහන ලබන සතිය වන විට ආරම්භ කරන බව ගුවන්සේවා සහ අපනයන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ තංගල්ල රැකව ප්‍රදේශයේ ඉදිකෙරෙන නව කුකුළු ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමට ධීවර වරාය සහ මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ ඊයේ (15) එක්වූ අවස්ථාවේදීය.

ලංකාව තුළ කොරෝනා රෝගීන් වැඩිවීමත් සමඟ රෝහල්වලට දරාගත හැකි ප්‍රමාණය සමඟ තීරණය කර තාවකාලිකව ගුවන් ගමන් සීමා කළද ඒ වෙද්දිත් අපනයනය කටයුතු කරගෙන ගිය බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවසීය.

ඒ සමඟම තාවකාලිකව පිටරට ඉඳන් එන අය නැවැත්වූවත් ලබන සතිය වෙද්දි සීමාසහිත ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමේ කටයුතු සිදු කරන බවද හෙතෙම කීවේය. රට යථා තත්ත්වයට පත් වීමත් සමඟ සංචාරක ව්‍යාපාරය සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීමටත් බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ ඩී.වී.චානක කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here