Home Hit ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ම ලබා ගත් පුංචි හපන්නු 10ක්

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ම ලබා ගත් පුංචි හපන්නු 10ක්

845

ප්‍රතිඵල නිකුත් වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු දිවයිනෙන් වාර්තා වනවා.

ඒ අතර සිසුන් 06 දෙනෙකු සහ සිසුවියන් 04 දෙනෙකු ඉන්නවා

ඒ අතුරින් පුංචි හපනුන් කිහිපදෙනෙක් ගැන තොරතුරුයි මේ.

තසිඳු කවිෂාන් – තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන් ශිෂ්‍යයා ලකුණු 200න් 200ම ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි තසිඳු කවිෂාන් පළමු ශ්‍රේණියේ සිටම අධ්‍යාපනය ලබා තිබෙන්නේ තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙන්.

දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලෙ වැඩිමහල් දරුවා තමයි තසිඳු.

ඔහුගෙ අනාගත බලාපොරොත්තුව විද්‍යාඥයකු ලෙස නාසා ආයතනයේ සේවය කිරීම කියලයි තසිඳු කියන්නේ.

සෙනුදි දම්සාරාඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලය

lankadeepa.lk

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. සෙනුදි දම්සාරාත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 200 ක් ලබාගෙන දිවයිනේ ඉදිරියෙන්ම ඉන්න සිසුවියක්.

ඇහැලියගොඩ දන්දෙණිය පදිංචි සෙනුදිගේ මව සහ පියා දෙදෙනම ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරනවා.

එච්.එම්. තෙනුජ මනුමිතසිරිපුර ප්‍රාථමික විද්‍යාලය

lankadeepa.lk

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. තෙනුජ මනුමිත සිසුවා මුළු ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200න් 200ම ලබාගෙන දිවයිනේ පළමු වැන්නන් අතරට එක්ව සිටිනවා.

තෙනුජ ඉගෙනුමට මෙන්ම පාසැලේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලදීද කැපීපෙනෙන දස්කම් දක්වන සිසුවෙකු කියලයි විදයාලයේ විදුහල්පති එච්.සී. රාජපක්‍ෂ මහතා කියන්නේ.

තෙනුජගෙ මව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාරවරියක් වන අතර පියා එම ආයතනයේම ක්‍ෂේත්‍ර සහකාර නිලධාරියෙකු ලෙස සේවය කරනවා.

ඔහුගේ දෙමාපියන් කියන්නේ තෙනුජට පාසැලෙන් ලබාදුන් අධ්‍යාපනයට අමතරව වෙනත් අධ්‍යාපන උපකාරක පන්ති වලට යොමු නොකල අතරම ඉතාමත් සැහැල්ලුවෙන් ඉගෙනීමේ කටයුතුවල යෙදුනා කියලයි.

දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල පිරිමි දරුවා වන තෙනුජ මනුමිතගෙ අනාගත බලාපොරොත්තුව තමයි වෛද්‍යවරයෙකු වෙලා රටට සේවය කිරීම.

යෙහාරා යෙත්මිණි ඈපාමහනුවර උසස් බාලිකා විදුහල

lankadeepa.lk

මහනුවර උසස් බාලිකා විදුහලේ යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගෙන විභාගය අති විශිෂ්ට ලෙස සමත් වෙලා තිබෙනවා.

මුල ඉඳන්ම උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු යෙහාරා යෙත්මිණි ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායිකාවක් වන අතර, චෙස් ක්‍රීඩාවෙන් ජාතික මෙන්ම ජත්‍යන්තර ජයග්‍රහණ රැසක් දිනා තිබෙනවා

ඒ වගේම යෙහාරා ඉංග්‍රීසි ගාය‍න අංශයටද දක්ෂතා දකවනවා කියලයි දැන ගන්න ලැබෙන්නේ.

යෙහාරාගෙ මව මහනුවර ජාතික රෝහලේ ඖෂධවේදිනියක් වන අතර පියා වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරුවරයෙක්.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පාසැල් යාමට නොහැකි තත්ත්වයක් තිබුණත් පාසල මගින් නිරතුරුව ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු කළ බවත් බොහෝ වෙලාවට නිවසටම වී කාලය ගත කිරීමට සිදුවූ නිසා එම කාලය පොත්පත් කියවා දැනුම වැඩිකර ගැනීමට යොදා ගත් බවත් ඇය කියා සිටිනවා.

විභාගයට කල්තියා සූදානම් වු නිසා රූපවාහිනිය නැරඹීම වගේ දේවල් වලට කාලය වෙන්කර ගැනිමට හැකියාව ලැබුණු බවත් හොඳින් අධ්‍යාපන කටයුතු සිදුකර අනාගතයේදී වෛද්‍යවරියක් වීම බලාපොරොත්තුව බවත් වැඩිදුරටත් ඇය පවසනවා.

සියති විතුම්සා සඳුන්දි කරුණාතිලකගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය

සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක දියණියත් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගෙන දිවයිනේ ඉහළම ලකුණ ලබාගත් පුංචි හපනුන් අතරේ ඉන්නවා.

මීට අමතරව,

ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලයේ දෙව්ලි යසස්මි තිලකරත්න


ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදු චිරන්දිත්


මරදාන සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ්


බණ්ඩාරගම ජාතික පාසලේ හිනුධ සස්මිත ගුණතිලක


නැගෙනහිර ඇරැව්වල ධර්මපාල මාහ විද්‍යාලයේ අකුරැස්ස හේවගේ සිහත් සන්ධිනු

යන සිසු සිසුවියන්ද මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ළකුණු 200ම ලබා ගන්න සමත් වෙලා තියෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here