Home Hit කොවිඩ්-19 අරමුදල බොහොම විනිවිදයි – විපක්‍ෂය බොරදියේ මාළු බානවා

කොවිඩ්-19 අරමුදල බොහොම විනිවිදයි – විපක්‍ෂය බොරදියේ මාළු බානවා

316

වත්මන් රජය දැන් රටේ ජනතාව වෙනුවෙන් කිසිවක් නොකළ බවට පවසමින් විපක්ෂ ‘බොරදියේ මාළු බාන’ බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා චෝදනා කර සිටියි

පසුගිය වසර 5ක කාලය තුල ඔවුන් රටේ ජනතාව වෙනුවෙන් කිසිවක් නොකළ බවත් දැනටමත් කොරෝනා මර්දනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ ජනතාව විශාල ලෙස පැහැදීමට පත්ව ඇති බවත් ඒ මහතා පවසයි.

‘‘දැන් විපක්‍ෂයේ සමහර අය කොවිඞ් 19 අරමුදලට මොකද වුණේ කියලා තැන තැන ගිහින් කියමින් කෑ ගහනවා. ඒ ගැන ආණ්ඩුව පැහැදිලි ප‍්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා.

‘මේ කොවිඞ් 19 අරමුදලට රුපියල් මිලියන 1675 ක මුදලක් එකතු වෙලා තිබුණා. මෙය මහ බැංකු අධිපතිතුමා, තව රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙකුගේ අධීක්‍ෂණය යටතේ තමයි තියෙන්නේ. එතකොට මේ පවතින කොවිඞ් වසංගත තත්ත්වයත් එක්ක සිදුකරන පී.සී.ආර්. පරීක්‍ෂණ කටයුතුවලට රුපියල් මිලියන 86 ක් වෙන්කර තිබෙනවා. ඒ වගේම කොරෝනා තත්ත්වය හේතුවෙන් ඒ රෝගීන් සඳහා මඩකලපුවේ රෝහලක් ඉදිකිරීම සඳහා, නැනෝ තාක්‍ෂණ ආයතනයේ රැුපිඞ් ටෙස්ට් කිරීමට ස්ථානයක් ඉදිකිරීම ඇතුළු තවත් කටයුතු වෙනුවෙන් ඉහළ කළමනාකාරීත්වයක් ඇතුව එම අරමුදලේ මුදල් වෙන් කර තිබෙනවා. මේවා කව්රුවත් යටිමඩි ගහලා නැහැ. මේ මුදල් කොවිඞ් සඳහා වෙන්කරන්නේ ඉහළ කළමනාකාරීත්වයේ අධීක්‍ෂණය යටතේ.

පසුගිය රජයේ ජනාධිපති, අගමැති අද වෙනකොට හිටියා නම් විශාල පිරිසක් පිටරට වගේම කොරෝනා වලින් මේ රටේත් මැරිලා.. කොහොම වුණත් වත්මන් ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ගන්න තියෙන ඉහළම වගකීම අරන් කටයුතු කරනවා. විපක්‍ෂය මේ තැන් තැන්වල ගිහින් වල්පල් දොඩවලා වැඩක් නැහැ. ඒ වගේම පාළු ගෙවල්වල වළං බිඳලා වැඩක් නැහැ. විපක්‍ෂය කියන දේවල් ගැන ජනතාව දැන් ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. වෙලාවක විපක්‍ෂයේ සියලූ අප්පුහාමිලාගේ රෙදි ගලවනවා.” යැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here