Home Business සැපයුම්කරුවන් සතොස වර්ජනය කරයි – වෙළඳ අමාත්‍යාංශය භාණ්ඩාගාරයෙන් බිලියන 2ක් ඉල්ලයි

සැපයුම්කරුවන් සතොස වර්ජනය කරයි – වෙළඳ අමාත්‍යාංශය භාණ්ඩාගාරයෙන් බිලියන 2ක් ඉල්ලයි

677
0

සැපයුම්කරුවන්ගේ බිල්පත් පියවීමට සතොස ආයතනය අපොහොසත් වීම හේතුවෙන් සැපයුම්කරුවන් විසින් ලංකා සතොස සමඟ ව්‍යාපාර කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම තත්වය හමුවේ වෙළඳ අමාත්‍යාංශය විසින් සතොස ආයතනයේ මිලදී ගැනීම් සඳහා රුපියල් බිලියන 2 ක් ලබා ගැනීමට අනුමැතිය ඉල්ලා තිබේ.

පුද්ගලික වෙළෙන්දන් හරහා අවශ්‍ය භාණ්ඩ වහාම මිලදී ගැනීම සඳහා මෙම මුදල් යොදා ගනු ඇති අතර රජයේ ප්‍රධාන සිල්ලර වෙළඳසැල වන ලංකා සතොස විසින් ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 7.7 කි.

සහල් තොග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 2.2 ක ණය පහසුකමක් රාජ්‍ය බැංකුවකින් ලබාගැනීම වෙනුවෙන් සැප්තැම්බර් මාසයේදී භාණ්ඩාගාරය විසින් සහතිකයක් ලබා දී තිබුණි. මෙම මුදල් පරිප්පු, සීනි, ළූණු සහ ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැන් අනුමැතිය ඉල්ලා සිටී. මිලදී ගැනීම් වෙළඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

ගෙවීම් සිදු කිරීමට ප්‍රමාද වීම නිසා සැපයුම්කරුවන් විසින් ටෙන්ඩර් සඳහා ලංසු තැබීමට මැලිකමක් දක්වන බැවින් ස්ථානීය මිලදී ගැනීම් කිරීමට සිදුවී ඇතැයි බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඇතැම් සැපයුම්කරුවන් ඉවත්ව යන බවත්, එම කරුණ හේතුවෙන් වැඩි මිලකට භාණ්ඩ මිලදී ගැනීමට සතොසට සිදුව ඇති බවත් ඔහු පවසයි.

2014 සිට ලංකා සතොසේ පාඩුව ඉහළ ගොස් ඇති බවත් මේ වන විට එය රුපියල් බිලියන 19 කට වඩා වැඩි බවත් ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here