Home Hit නාපානේ පේමසිරි මහා නාහිමියන්ට ඉක්මන් සුවය පතන්නැයි සෝභිත හිමි ඉල්ලයි

නාපානේ පේමසිරි මහා නාහිමියන්ට ඉක්මන් සුවය පතන්නැයි සෝභිත හිමි ඉල්ලයි

247

ශ්‍රි ලංකා රාමාන්‍ය මහා නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන් වහන්සේ මේ වන විට දැඩි සේ ගිලන් වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

උන්වහන්සේට ඉක්මන් සුවය පතා දිවයින පුරාම පින්කම් සහ සත්‍යක්‍රියා කරන ලෙසට දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලා සිටිනවා.

උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළේ අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන් වහනසෙගේ සුවදුක් විචාරීම සඳහා පෙරේදා (13) පේරාදෙණි ශික්ෂණ රෝහලට වැඩම කර යළිත් ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here