Home Coronavirus 2020 නිරෝධයනය වෙමින් සිටි පොලිස් සැරයන් වෙළඳාම් කර හසුවේ

නිරෝධයනය වෙමින් සිටි පොලිස් සැරයන් වෙළඳාම් කර හසුවේ

545

නිවසේ ස්වයං නිරෝධයනයට යොමුකර සිටි මාතලේ මහවෙල පොලිසියේ සැරයන්වරයකු තම සිල්ලර වෙළඳසැල විවෘත කර වෙළඳාම් කටයුතු සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වේ.

පෑලියගොඩ මාළු වෙළඳසැලට ගිය කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ පියෙකු මෙම පොලිස් සැරයන්වරයාගේ නිවසට පැමිණ තිබෙන අතර එම පැමිණි පුද්ගලයට කොවිඩ් ආසාදිත බවට ලැබුණු තොරතුරක් මත, මහවෙල පොලිසියේ සැරයන්වරයා නිවසේ නිරෝධායනයට ලක්කර තිබුණි.

පසුව අදාල සැරයන් වරයා මෙලස තම පෞද්ගලික වෙළඳසැල විවෘත කරගෙන භාණ්ඩ අලෙවි කර තිබෙන බවට තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here