Home Hit “බැසිල් පාර්ලිමේන්තු එනවාදැයි තීරණය කළ යුත්තේ ඔහුමයි” – මහින්ද

“බැසිල් පාර්ලිමේන්තු එනවාදැයි තීරණය කළ යුත්තේ ඔහුමයි” – මහින්ද

521

බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියද නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසිය යුතුද යන්න පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා තවමත් තීරණයක් ගෙන නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

ජාතියට සේවය කිරීම සඳහා නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් ඉල්ලා සිටියද ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම බැසිල් රාජපක්ෂ මහතාට පැවරී ඇති කාරණයක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු සාමාජික, ජයන්ත කේතගොඩ මහතා බැසිල් රාජපක්ෂ මහතාට නැවත පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසා ඉවත් වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයින් පවසයි.

“බැසිල් රාජපක්ෂ මහතා තීරණයක් ගන්න කල් අපි තවමත් බලන් ඉන්නවා. එම ඉල්ලීම පිළිගැනීමට හෝ පිළිනොගැනීමට ඇතැම්විට ඔහුට වැඩි කාලයක් අවශ්‍ය වේවි.” යැයි අග්‍රාමාත්‍යවරයා පවසයි.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන ධූර කාලය තුළ (2010–2015) ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි.

යහපාලන රජය සමයේදී සම්මත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසියෙකු වන බැවින් 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් වන ලදී. කෙසේ වෙතත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ඔහුට දැන් මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කිරීමට සුදුසුකම් ලැබී ඇත.

(Sunday Island)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here