Home Coronavirus 2020 දියවැඩියා මරණ අවධානම දෙගුණ කරනා කොරෝනා (VIDEO)

දියවැඩියා මරණ අවධානම දෙගුණ කරනා කොරෝනා (VIDEO)

337

ඊයේ (14) ලෝක දියවැඩියා දිනයයි.

දියවැඩියා රෝගයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව තිබෙන්නේ ආසියානු කලාපයයි. ලෝක බැංකු වාර්තා වලට අනුව ශ්‍රී ලංකාවේ අවුරුදු 20 ත් 80ත් අතර ජනගහනයෙන් දහයෙන් එකකට වඩා වැඩි පිරිසක් දියවැඩියා රෝගයෙන් පීඩා විදිනවා.

ලොව පුරා සෑම තත්පර 20කට වරක්ම දියවැඩියාව හේතුවෙන් රෝගියෙකුට පාදයක් අහිමිවන අතර දියවැඩියාව මිනිසාගේ මරණ අවධානම දෙගුණයකින් වැඩිකරන නිහඬ මාරයෙකු ලෙසයි සැලකෙන්නේ. එවන් පසුබිමක දියවැඩියා රෝගීන්ට මේ වන විට පැතිරයන කොවිඩ් 19 වසංගතය විසින් අතිරේක අවදානමක් ලගාකර දී තිබීම බරපතල තත්ත්වයක්.

දියවැඩියා රෝගීන්ට කොවිඩ් වෛරසය මඟින් සංකූලතා ඇතිකිරීම පවතින්නේ ඉතා ඉහළ මට්ටමකයි.

එබැවින් දියවැඩියා රෝගියෙකුගේ ප්‍රධාන අරමුණු 2 විය යුත්තේ කොවිඩ් 19 ආසාදනයෙන් වැළැකී සිටීම හා දියවැඩියාව පාලනය කරගැනීමයි. මේ වන විට වාර්තා වූ කොවිඩ් මරණ බොහෝමයකට හේතු වී ඇත්තේද දියවැඩියාව හා ඒ ආශ්‍රිත සංකූලතා වන වකුගඩු රෝග, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් වීම විශේෂත්වයක්.

මීට අමතරව කොවිඩ් වෛරසය පෙනහළු, වකුගඩු, හෘදයවස්තුව ඇතුළු ශරීරයේ විවිධ අවයවවලට හානි සිදුකරන අතර ඊට හේතුව වන්නේ නහරතුළ ලේ කැටි ගැසීමක් සිදුවන බැවිනුයි. දියවැඩියා රෝගීන්ගේ රුධිර නාලවල මේදය තැන්පත්වීම මගින් ඒවා සිහින් වීම නිසාත් රුධිර සීනි මට්ටම ඉහළ අගයක පැවතීමත් හේතුවෙන් එම සංකුලතා අවදානම තවත් වැඩි විය හැකියි

කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ මුහුණු ආවරණ පැළදීම, අත්සේදීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම, හොඳ ආහාර පුරුදු, ව්‍යායාම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩිලෙස අනුගමනය කිරීම දියවැඩියා රෝගීන් අනිවාර්යෙන්ම කළ යුත්තක්.

ඊට අමතරව රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම, නිතර ජලය පානය කිරීම, සැහැල්ලුවෙන් කාලය ගතකිරීම සහ අවශ්‍යවූ විට නොපමාව වෛද්‍යවරයෙකු සහ සම්බන්ධවීම තුළින් දියවැඩියා රෝගීන්ට කොවිඩ් 19 අවධානම අවමකරගත හැකියි.

යම් හෙයකින් කොවිඩ් ආසාදනය වුවහොත් හෝ නිරෝධායන ක්‍රියාවලියට යොමුවීමට සිදුවුවහොත් දියවැඩියා රෝගීන් ඒ සඳහා විශේෂයෙන් සූදානම් වීමද අනිවාර්ය වනවා. ඒ අනුව, ඔබගේ ප්‍රතිකාර සටහන්, වෛද්‍ය වාර්තා සූදානම් කර තබා ගැනීමට ප්‍රතිකාර ඉදිරියට කරගෙන යාමට පහසුවක්වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here