Home Coronavirus 2020 අද වාර්තා වූ කොරෝනා මරණ 5ම කොළඹ නගර සීමාවෙන්

අද වාර්තා වූ කොරෝනා මරණ 5ම කොළඹ නගර සීමාවෙන්

424

අද දින කොරෝනා මරණ 5ක් වාර්තා වූ අතර එම මරණ 5ම වාර්තා වූයේ කොළඹ නගර සීමාවෙන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටින්නේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් සිදුව ඇති අතර එම මරණ 5ම කොළඹ නගර සීමාවෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වශයෙනි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සබැඳි ලිපි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here