Home Hit මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුනේ ‘සිංහබාහූ’ ආණ්ඩුව පෙන්නන්නේ ‘සාජන් නල්ලතම්බි’

මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුනේ ‘සිංහබාහූ’ ආණ්ඩුව පෙන්නන්නේ ‘සාජන් නල්ලතම්බි’

679

වත්මන් රජයෙන් ජනතාව බලාපොරොත්තු වුයේ ‘සිංහබාහු’ වුවත් රජය පෙන්වමින් සිටින්නේ ‘සාජන් නල්ලතම්බි’ බව නව සිංහල රාවය සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

එක රටක් එක නීතියක් ඇති කරන්නට බලයට පැමිණි මෙම රජයේ විධායකය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එසේත් නොමැතිනම් අධිකාර අමාත්‍ය අලි සබ්රි මහතාද යන්න උන්වහන්සේ ප්‍රශ්න කර සිටිනවා.

අලි සබ්රි අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි වැඩකටයුතු සිද්ධ කිරීමට ජනපතිවරයා ඉඩ ලබාදීම ගැටළුවක් බව උන්වහන්සේ පවසනවා.

අමාත්‍ය අලි සබ්රි පවසන පරිදි දේහයන් භූමදානය කිරීමට අවශ්‍යනම් විශාල මුදලක් වැයකරමින් ඉදිකළ රාජපක්ෂ වරුන්ගේ පවුලේ සුසාන භූමිය ලබා දීමට කටයුතු කරන මෙන් උන්වහන්සේ මෙහිදී යෝජනා කරනු ලැබුවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here