Home Hit රිෂාඩ්ගේ මන්ත්‍රීගෙන් වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා

රිෂාඩ්ගේ මන්ත්‍රීගෙන් වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා

329

ලාහුගල ජාතික වනෝද්‍යානය වනජීවී දෙපාර්තමේන්තුව විසින් ව්‍යවස්ථාපිත සීමා සටහන් කරමින් ස්ථාපනය කර තිබු මායිම් ගල ඉවත් කර වනෝද්‍යානයේ සීමා සටහන් කිරීමට එරෙහිව රිෂාඩ් බදියුර්දීන් මහතා නායකත්වය දරන දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරෝධය පළකර ඇත.

පසුගිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කෙරුනු අවස්ථාවේදී ද්විත්ව පුරවැසි වගන්තිය සදහා පක්ෂව සිය ජන්දය භාවිතා කල පා.ම එස්.එම්.එම් මුශාරෆ් මෙසේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ක්‍රියාකර ඇති අතර එම අවස්ථාවේදී ජංගම දුරකතනයකින් ලබාගන්නා ලද දර්ශණ මේ වනවිට සමාජජාල තුල සංසරණය වේ.

ලාහුගල රක්ෂිත මායිම සළකුණු කිරීමේදී ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාවගේ වගාබිම් රක්ෂිත ඉඩම් ලෙස නම් කිරීමට වනජීවී නිලධාරීන් ක්‍රියාකරන බවට මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර ඇත.

වනජීවී දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ගෙ රාජකාරියට බාධා කිරීම, ජාතික වනෝද්‍යානයකට අනවසරෙන් ඇතුලු වීම, ජාතික වනෝද්‍යානයක් තුල අනවසර කටයුතු සඳහා ආධාර සහ අනුබල දීම යන වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණත යටතේ ගැනෙන වරදවල් බව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසරවේදීන්ගේ මතය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here