Home Hit කොරෝනා වසංගතය මැද දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීලා

කොරෝනා වසංගතය මැද දේශපාලන හෙංචයියන්ට විදුහල්පති පත්වීම් දීලා

218

Covid-19 වසංගතය මැද උතුරු මැද පළාතේ විදුහල්පති පුරප්පාඩු පවතින පාසල් සඳහා දේශපාලකයන් හොර පාරෙන් තම හෙංචයියලා පත්කිරීමට පටන් ගෙන තිබෙනවා. එම නිසා ඊට එරෙහිව තම සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට හා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඊයේ (13) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ ඒ මහතා මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසූ බව දිවයින කරනවා.

මේ වනවිට උතුරු මැද පළාතේ පාසල්වල පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ඇති අයගෙන් ඉල්ලූම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා. එහිදී තෝරාගත් සුදුසුකම් සහිත අයට පත්විම් ලබා දෙනවා වෙනුවට දේශපාලකයන්ගේ අභිමානය පරිදි විදුහල්පතිවරු පත්කිරීමට කටයුතු කරනවා. පොලොන්නරුවේ මෙි වන විට ඇතැම් පාසල් සදහා නුසුදුසු පුද්ගලයන් එම තනතුරැුවලට පත් කරලා.

මේ නිසා ලබන සඳුදා එම බලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා. ඒ සඳහා යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ඊට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නවා යැයිද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here