Home Coronavirus 2020 හුදෙකලා කෙරුණු කොළඹ මහල් නිවාස ආශ්‍රීතව නොමිලේ ජංගම සායන

හුදෙකලා කෙරුණු කොළඹ මහල් නිවාස ආශ්‍රීතව නොමිලේ ජංගම සායන

295

කොරෝනා තත්වය හේතුවෙන් හුදකලා කර ඇති කොළඹ නගරයේ ප්‍රදේශ හා මහල් නිවාස ආශ්‍රීතව නොමිලේ ජංගම සායන පැවැත්වීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිඛෙනවා.

ඒ අනුව ලබන සදුදා සිට අදාල සායන පැවැත්වෙන බවයි කොළඹ මහ නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

පලමු ජංගම සායනය මෝදර මෙත්සද සෙවන නිවාස සංකීර්ණය ආශ්‍රීතව ලබන සදුදා පෙරවරු 9.00 සිට පැවැත්වෙනවා.

මහිජය සෙවන,රන්මිණි සෙවන, සිරිසද උයන, රන්දිය උයන, සිරිමුතු උයන, මුවදොර උයන යන නිවාස සංකීර්ණ ආශ්‍රීතව හා සිරිසද සෙවණ හා රන්මුතු සෙවන යන නිවාස සංකීර්ණ ආශ්‍රීතවද ජංගම සායන පැවැත්විමටයි සැලසුම් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here