Home Hit කොළඹ නගරයේ සැරිසරන යාචකයින් ගැන තීරණයක්

කොළඹ නගරයේ සැරිසරන යාචකයින් ගැන තීරණයක්

312

කොළඹ නගරයේ ගැවසෙන යාචකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මහජනතාව වඩාත් ආරක්ෂාකාරී වියයුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

මහමග සිඟමන් යදින යාචකයින් සම්බන්ධයෙන් හෙට (15) දිනයේ විශේෂ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

එහිදී ඔහු පවසූවේ “මෙම පුද්ගලයන්ව රඳවා තබා ගැනීම සඳහා සුදුසු ස්ථානයක් නොමැතිකම නිසා ඔවුන් ඉවත් කිරීමේ යම්කිසි ගැටලුවක් මතුවෙලා තියෙනවා. ඔවුන්ව පොලිස් ස්ථාන තුළ රඳවා ගැනීමේ හැකියාවක් නෑ. වෙනත් ස්ථානයක ඉඩකඩ පිළිබඳ ගැටලුවක් නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ. ඔවුන්ගෙන් මහජනතාවගේ සෞඛ්‍යට ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් ගැන සළකා බලා හෙට දවසේ දී මහාමාර්ගවල ඉන්න සියලූම යාචකයින්ට අවශ්‍යකරන මුඛ ආවරණ ලබාදීලා ඔවුන්ව දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ආලෝක සංඥා පුවරු අසළදී ඔවුන් සිඟමන් යැද්දත් වීදුරුව පාත් කරලා කතා කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here