Home Hit කොරෝනා මරණ භූමදානය ගැන තීරණය විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාවෙන් පසුවයි

කොරෝනා මරණ භූමදානය ගැන තීරණය විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාවෙන් පසුවයි

332

කොරෝනා වෛරස ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු පිළිබඳ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව තීන්දුව ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

අද (13) දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරිය කියාසිටියේ කොරෝනා හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් විවිධ පිරිස්වලින් ඉල්ලීම් ලැබී ඇති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කමිටුව ඔවුන්ගේ තවත් වාර්තා කිහිපයක් තමා වෙත ලබාදීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය කියාසිටියේ.

පසුගිය කැබිනට් මණ්ඩලයේදී මෙම කරුණ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව ද ඇය සඳහන් කර සිටියා.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන් භූමදානය සම්බන්ධයෙන් කරුණ මතුවූ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය තමාවෙත දැනුම්දෙනු ලැබුවේ විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙස බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

එබැවින් එම වාර්තා ලැබීමෙන් පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තුවන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here