Home Hit රිමාන්ඩ්ගත කර සිටින මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු දොර වැසේ

රිමාන්ඩ්ගත කර සිටින මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු දොර වැසේ

329

Covid -19 වසංගත තත්ත්වය හමුවේ වැලිකඩ බන්ධනාගාරයේ සහ මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 03 දෙනෙකුට එය අදාළ වන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියාසිටියේ.

දැනට සිර දඩුවමකට නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හා රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරුන් වන සමගි ජන බලවේගයේ රිෂාඞ් බදියුදීන් හා TMVP පක්ෂයේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන අය මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවෙන්නේ නැහැ.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා බවද කැඳවාගෙන එන බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here