Home Hit ගෝටා එක්ක බෑ කිව්වා – දැන් ගෝටට බෑ කියන්න වෙලා (VIDEO)

ගෝටා එක්ක බෑ කිව්වා – දැන් ගෝටට බෑ කියන්න වෙලා (VIDEO)

511

රජයේ කොරෝනා මර්දන ක්‍රියාවලිය ඉතාමත් අසාර්ථක මව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නාඅනයක්කාර මහතා පවසනවා.

ඒ අද (13) දින පාර්ලිමේන්තුව අමතමින්.

විදේශයන්හි සිරවී සිටින ජනතාව මෙරටට පැමිණීමට නොහැකිව දුක් විඳිද්දී ඔවුන්ව ගෙන්වා ගැනීමට මිතුරු සමාගම් හරහා ලක්ෂ ගණනක මුදලක් අය කරන බවත් සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඖෂධ සහ උපකරණ මිලදී ගැනීමට පවා රජය අපොහොසත්ව ඇති බවත් ඒ මහතා පවසනවා.

කොරෝනා ආශ්‍රිතයින් හඳුනා ගැනීමට යැයි කියා නුවර තරුණයෙකුගේ අදහසක් සොරකම් කර රජයේ මිතුරු සමාගමක් හරහා නිර්මාණය කරන ලද ජංගම දුරකථන යෙදවුම හරහා ජනතාවගේ පුද්ගලික තොරතුරු සොරා ගන්නා බවටද එම මහතා චෝදනා කර සිටිනවා.

” ඒ වගේම ජනාධිපති තුමා, 5000ක් මැරුණත් රට වහපු නැති අපිට…කියලා ශබ්ද නගා හිනා වෙලා පස්සෙ ටික දවසක් යනකොට එකත් රාජපක්ෂ දෙකත් රාජපක්ෂ තුනත් රාජපක්ෂ, සෞඛ්‍ය ඇමතිතුමිය බොහොම පල්ලෙහයින් හිටියෙ ලැයිස්තුවේ. එහෙම හදලා දැන් කියනවා වෛරසයක් ඇතිත් තියෙන්නේ, යුද්ධයක් උනා නම් මං කරන හැටි දන්න්නවා කියලා. මට හිතෙනව සරත් ෆොන්සේකා මහත්තයා එදා නොහිටියා නම් කොහොම යුද්ධෙ කරයිද කියලා.

ස’ත් එක්ක ලේසි වෙන්නෙ නෑ. මහින්ද මහත්තයා එක්ක වගේ නෙවෙයි ස’ත් එක්ක බෑ කිව්වා. දැන් අපිට කියන්න තියෙන්නෙ ස’ට බෑ කියන එක තමයි. සෞඛ්‍ය අංශයේ ජ්‍යේෂ්ඨයෝ වෙන වෙන තැන් වලට දාලා මේ කරන්න හැදුවේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය. ගෝටට බෑ කියන එක. ඒත්, ගෝටා ෆේල් කියන එක ආයෙ මහන්න හම්බ වෙන්නෙ නෑ.” යැයි ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here