Home Hit නිලධාරිනියන්ගේ අත්-පා බැඳ හිරෙන් පනින්න තැත් කළ කාන්තා රැඳවියන් 8ක් කොටු

නිලධාරිනියන්ගේ අත්-පා බැඳ හිරෙන් පනින්න තැත් කළ කාන්තා රැඳවියන් 8ක් කොටු

269

බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනකුට පහරදී අත් පා බැඳ දමා පලා යාමට තැත් කළ කාන්තා රැඳවූවන් අටදෙනකු කුරුවිට බන්ධනාගාරයේදී ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගැනිණි.

නිලධාරිනියන් දෙදෙනා සතුව තිබූ දොරවල් කිහිපයක යතුරුද ඔවුන් විසින් පැහැරගනු ලැබ තිබිණි.

මෙම රැඳවූවන් අටදෙනාම මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාරගත වූවෝය. ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිට කුරුවිට බන්ධනාගාරයට මාරු කළ අය බව අරුණ පුවත්පත වාර්තා කරනවා.

මෙම රැඳවූවන්ගේ පහර කෑමට ලක්වූ නිලධාරිනියන් දෙදෙනා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here