Home Hit ආණ්ඩුවට සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම තේරෙන්නෙ නෑ – පෝසතුන්ට බදු සහන දෙනවා

ආණ්ඩුවට සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම තේරෙන්නෙ නෑ – පෝසතුන්ට බදු සහන දෙනවා

350

පවතින රජයට ජනතාවගේ හදවත හඳුනා ගැනීමට නොහැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටිනවා.

ඒ අද (12) දින පාර්ලිමේන්තුව අමතමින්.

කොරෝනා පැමිණීමට පෙර මාස කිහිපය තුලද රජය විසින් ජනතාවගේ යහපත වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් අඩු කිරීමට පොරොන්දු වූ භාණ්ඩ මිල අඩු කිරීමටද අපොහොසත් වූ බවත් ඒ මහතා පවසනවා.

පවතින රජය පත්වීමෙන් අනතුරුව රූ. 3,000ක සිට රූ. 24,000 දක්වා සිදුවීමට නියමිතව තිබූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනයන් අහෝසි කළ බවත් විශ්‍රාම දීමනා අහෝසි කළ බවත් පවසන එම මහතා ආණ්ඩුව විසින් ධනපති පංතියට බදු සහන දීම හරහා රජයේ බදු ආදායම 29%කින් අඩු වූ බව පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here